Gossips

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්හිටුවීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශ හා ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති පෙත්සම් විභාගවල තීරණ මත ඒ සම්බන්ධයෙන් දෙරටටම ප්‍රතිලාභ හිමිවන පරිදි ඉදිරි කටයුතු සිදුකරන බවයි.