ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම කෙරෙහි ආයෝජකයන් තුළ ඇති අඛණ්ඩ විශ්වාසය පෙරේදා සිදුවු ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවෙන්ද තවදුරටත් තහවුරු වන බව මහ බැංකුව ප්‍රකාශ කළා.
ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර එහිදී නිකුත් කෙරුණේ 2023 සහ 2028 වසරවලදී කල් පිරෙන ලෙසයි.
අදාළ ගණුදෙනුවේදී වසර දහයේ ණය කාණ්ඩය සඳහා ගිණුම් 190 කට වැඩි ප්‍රමාණයකින් ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කට අධික ඇණවුම් ලැබී තිබුණා.
වසර පහේ ණය කාණ්ඩය සඳහා ඩොලර් බිලියන 3 ක ඇණවුම් ලැබී තිබුණේ ගිණුම් 235 කට වැඩි ප්‍රමාණයකින්.
එවැනි පරාසයක විවිධාංගීකරණය තුළින් ආයෝජකයන් තුළ පවතින විශ්වාසය තහවුරු වන මහ බැංකුවේ අදහසයි.