වැලිකඩ ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලැබුනු තොරතුරකට අනුවයි වැලිකඩ පොලිසිය විසින් ඊයේ රාත්‍රී 10 ට පමණ වැටලීම සිදුකර ඇත්තේ.
අදාළ ගණිකා නිවාසයේ කළමණාකාරිනිය සහ ගණිකා වෘත්තියේ යෙදී සිටි සැකකාරියන් දෙදෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගැනුනා.
වයස අවුරුදු 20 27 සහ 31 වයස්වල පසුවන ඔවුන් දංකොටුව, වැලිපැන්නගහමුල්ල සහ ඩයගම ප්‍රදේශවල පදිංචිකාරියන්.
මෙම සැකකාරියන් තුන්දෙනා අද අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.
