Gossips

ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් සිදුකළ ජාවාරම බත්තරමුල්ලේදී කොටු

බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක් තුල පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ඊයේ (19) වටලා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතර එහි කළමණාකාරවරිය සහ ගණිකා සේවයේ යෙදී සිටි තරුණයන් දෙදෙනක් සිටින බවයි පොලිසිය පැවසුවේ.
මොවුන් අවුරුදු 40, 29 සහ19 යන වයස් සීමාවල පසුවන වීරකැටිය, තලතිරියාගම, මෙල්ලපනාදර ප්‍රදේශවල පදිංචිකාරීනියන් බව සඳහන්.
අත්අඩංගුවට පත් සැකකාරියන් අද (20) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.