කළුතර වැලිපැන්න ප්‍රදේශයේදී ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 61 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අනෙක් සැකකරු 31 හැවිරිදි වියේ පසුවන අයෙක්.
ඔවුන් ලඟ තිබි බොර 12 ගිනි අවියක්,පිහි 2ක් සහ ජීව උණ්ඩ 10ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
