Gossips

ආයුධ තොගයක් සමඟ සැකකරුවෙක් පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට

ආයුධ තොගයක් සමඟ කිලිනොච්චි, පලෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබි තුවක්කු දෙකක්, පතරොම් 150කට ආසන්න ප්‍රමාණයක් සහ තවත් ආයුධ තොගයක් සොයාගැනීමට හැකිවූ බවයි අරක්ෂංක අංශ පවසන්නේ.
ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු 40 හැවිරිදි වියේ පසුවන්නෙක්.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු පුනරුත්තාපනය ලැබූ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් බවට අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.