ආයුධ තොගයක් සමඟ මන්නාරම – පෙරියමඩු යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන යුද හමුදා සෙබලෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රිදීමාලියද්ද ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ තිබියදී මෙම ආයුධ සොයාගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි යුද හමුදාවේ පාබල රෙජිමේන්තුවේ 26 වන බල ඇණියේ සෙබලෙක්.
ස්වයංක්‍රීය ගිනි අවිවලට යොදා ගන්නා විදේශීය රටක නිෂ්පාදිත සජීවී පතොරොම් 273ක් සහ ගුවන් යානා නාශක ස්වයංක්‍රීය අවි වලට යොදා ගන්නා සජීවී පතොරොම් 73ක් මෙලෙස සොයා ගෙන තිබෙනවා.
ඊට අමතරව විදේශීය හෝ මෙරට නිෂ්පාදිත ගිනි අවි සදහා යොදා ගන්නා යකඩ බැරල් දෙකක් ද මොහු සන්තකයේ තිබී සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.
