Gossips

ආයුධ තොගයක් සමඟ ගුණා පොලිස් දැලේ පැටලේ

වවුනියාව, පුලියන්කුලම පූතූර් කෝවිල ප්‍රදේශයේ අවි ආයුධ තොගයක් සමඟ සැකකරුවෙක් වවුනියාව කොට්ඨාශ නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (05) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මතයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වවුනියාව සාලම්බකුලම් ප්‍රදේශයේ පදිංචි නෙයිමුත්තුරාසා සුදාකරන් නොහොත් ‘ගුණා’ ලෙසයි සිදු කළ පරීක්ෂණවලදී හඳුනා ගෙන තිබෙනවා.
පසුගිය පළමුවනදා පුලියන්කුලම පූතූර් කෝවිල ප්‍රදේශයේදී මාර්ගයක ආයුධ සහිත බෑගයක් දමා පලා ගිය පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයාට ජීව අත්බෝම්බ ඇතුළු ආයුධ සපයා ඇත්තේ ‘ගුණා’ නැමැති මෙම සැකකරු බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවා පැය 72ක කාලයක් රැදවුම් භාරයේ තබා ගෙන ප්‍රශ්ණ කිරීම් සිදුකරන ලෙසයි වවුනියාව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
මේ අතර පලා ගිය සැකකරු යුද සමයේදී කොටි සංවිධානයේ සාමාජිකයෙකු බවට සැක පල වී ඇති අතර සැකකරුගේ නිවස හා නිවස අවට තවත් ආයුධ ඇත්දැයි යන්න සෙවීම සඳහා පුලියන්කුලම් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සෝදිසි මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.rnrn