Gossips

ආමර්වීදියේ වෙඩිතැබීම සිදුවූ අවස්ථාවේ ජංගම දුරකථනයක සටහන් වූ දර්ශන

ආමර්වීදියේ දී ඊයේ පුද්ගලයෙකුට මරු කැඳවූ වෙඩි තැබීම අවස්ථාවේ ජංගම දුරකථනයක සටහන් වූ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා.
මෙම ඝාතනය ද පාතාල කල්ලි සාමාජිකයන් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවයි පොලීසිය සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය චෝදනාවකට වසර 11ක් සිරගතව සිටි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ඉනසමුත්තු ඇන්ටනි රාජ් නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු තම බිරිඳ සමඟ මෝටර් රථයකින් යමින් සිටියදී ඊයේ මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර එහිදී තුවාල ලැබූ ඔහුගේ බිරිඳ ද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබූ අතර, එය CCTV කැමරාවල ද සටහන් වී තිබෙනවා.
වෙඩිතැබීම සිදුවූ අවස්ථාවේ ජංගම දුරකතනයක සටහන් වූ දර්ශන පහතින්.
සංවේදී දර්ශන සහිතයි.