ආමර්වීදිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සහ ගංජා කිලෝ 13ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ – උතුර කොට්ඨාශ දූෂණ මර්දන අංශය නිලධාරීන් විසින් අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රදේශයේ ගමන් ගත් ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවූ බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
සැකකරුවන් කොටහේන පොලීසියට භාර දී ඇති අතර, අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
