Gossips

ආබාධිත සෙබලෙකුගේ ජීවිතය අහිමි වූ මාරක අනතුර

අද (28) උදෑසන බේරුවල – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියක ගමන්ගත් ආබාධිත සෙබලෙකුයි මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ.
රත්මලාන ප්‍රදේශයේ පැවති පුහුණුවක් සඳහා යමින් සිටි අවස්ථාවේදී ආබාධිත සෙබලා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති අතර ඔහු මාතර – ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි එක්දරු පියෙක්.
මාර්ගයේ ගමන්ගත් යතුරුපැදිය, පැදිකරු සමඟ මාර්ගය හරහා ඇද වැටෙන අතර එම අවස්ථාවේ පසුපසින් පැමිණි යුධ හමුදා ලොරි රථයක් මාර්ගය හරහා ඇද වැටුණු යතුරුපැදිකරු මතින් ධාවනය වීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.