මෙහෙයුම්වලදී, ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් හෝ වෙනත් නිීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතුවලදී ආබාධිත වූ රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට මෙන්ම, යැපෙන්නන්ට අවුරුදු 55 දක්වා ගෙවන ලද වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඉදිරි මාස දෙකක් තුළ ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ආබාධිත රණවිරුවන්ගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වූ මෙම ගැටලූව විසදීම සදහා ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති පියවර පිළිබදව දැනුවත් කිරීමට ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුවකදී මේ බව අනාවරණ වී තිබෙනවා.
ආබාධිත හා මියගිය රණවිරුවන්ගේ ජාතික සංසදය, රණවිරු බිරින්දෑවරුන්ගේ දිස්ත්‍රික් සහ ජාතික සංවිධානවල නියෝජිතයින් ඊට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.