Gossips

ආබාධිත රණවිරුවන් යළිත් විරෝධතා පා ගමනක

ආබාධිත රණවිරුවන් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය, අස්ගිරි – මල්වතු මහනාහිමිවරුන් ඊයේ (11) බැහැදුටුවා.
පළමුව මොවුන්, මල්වතු පාර්ශවයේ අනුනායක, පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් බැහැදුටු අතර, පසුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් බැහැදුටු බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන්ද ඔවුන් මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන් දැනුම්වත් කර තිබෙනවා.
රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත සදහන් කළේ ඉල්ලීම්වලට විසදුම් නොලැබෙන්නේ නම්, යළි විරෝධතා පා ගමනක නිරතවීමට සූදානම් බවයි.