Gossips

ආබාධිත කාන්තාවන්ට රැකියාවලට සමාන ප්‍රවේශයක් හිමි නොවන බව අධ්‍යයනයකින් හෙළිවේ

ශ්‍රී ලංකාවේ ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයන් අතරින් කාන්තාවන්ට රැකියා අවස්ථා සඳහා සමාන ප්‍රවේශයක් හිමි නොවන බව ජගත් සංවිධාන අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය අදාළ වාර්තාව සකස් කර ඇත්තේ මෙරට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ කොරියානු තානාපති කාර්යාලය සමඟ එක්වයි.
2012 වසරේ ජන සංගනණයට අනුව මෙරට සියළු වයස් කාණ්ඩ තුළ ආබාධිත තත්ත්වයට පත්වූ පිරිමින්ට වඩා වැඩි කාන්තාවක් සංඛ්‍යාවක් සිටින බව හෙළිදරව් වුණා.
එහෙත් ශ්‍රී ලංකාවේ රැකියාවේ නිරත ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයන් අතරින් කාන්තාවන් සිටින්නේ සියයට 15ක් පමණයි. ඔවුන් කෙරෙහි පැහැදිලිවම ස්ත්‍රී පුරුෂ සමාජභාවීය පරතරයක් සහ විෂමතාවක් පවතින බව එම වාර්තාව මගින් පෙන්වා දෙනවා.
ශ්‍රම බලකායට ඇතුළුවීමේ සහ එහි රැදී සිටීමේ දුෂ්කරතා පිළිබද සොයා බැලීම සඳහා දිස්ත්‍රික්ක 4ක් ආවරණය වන පරිදි ආබාධිත පුද්ගලයන් 400 දෙනෙකු පමණ මෙම සමීක්ෂණයට යොදාගෙන තිබෙනවා.