Gossips

ආබාධයක් හේතුවෙන් පෆ් ඩු ප්ලෙසිට ඉදිරි තරග කිහිපයක් අහිමි වෙයි

ඉන්දියාවට එරෙහි ඉදිරි එක්දින සහ 20 යි 20 තරගවලින් දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක පෆ් ඩු ප්ලෙසි ඉවත්කර තිබෙනවා.
ඒ ඔහුගේ දකුණු අතේ දබර ඇගිල්ලේ හටගත් ආබාධයක් හේතුවෙන්.
පසුගිය පළමුවනදා පැවති පළමු එක්දින තරගයේදී ඇගිල්ල බිඳී යාමකට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් ඔහුට සති 6 ක පමණ කාලයක් විවේක ගත යුතු වන බවටයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ.
මෙම ආබාධ තත්වය හේතුවෙන් මාර්තු මස පළමුවනදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වන තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ද දකුණු අප්‍රිකා නායකයාට අහිමිවනු ඇතැයි අවධානමක් ද මතුව තිබෙනවා.
ඉන්දියාවට එරෙහි ඉදිරි එක්දින සහ 20 යි 20 තරග සඳහා සංචිතයට ෆර්හාන් බිහර්දීන් කැඳවා තිබෙනවා.
එමෙන්ම හෙන්රිච් ක්ලාසීන් ද සංචිතයට කැඳවා ඇත්තේ ඇගිල්ලේ ආබාධයකට ලක්වු ඒ බී ඩිවිලියස් වෙනුවෙන්.
දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක පෆ් ඩු ප්ලෙසි සහ ඒ බී ඩිවිලියස් යන දෙදෙනාම ඇගිල්ලේ ආබාධවලට ලක්වුයේ ඉන්දීය නායක විරාත් කෝලි දවා ගැනීමට උත්සාහ කිරීමේදී වීම විශේෂත්වයක්.