Gossips

ආබාධයකට ලක්වූ කුසල් පෙරේරා වෙනුවෙන් කුසල් මෙන්ඩිස් කණ්ඩායමට

එංගලන්තයට එරෙහි තුන්වන එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කුසල් ජනිත් පෙරේරා ඉවත්කර තිබෙනවා.
ඒ ආබාධයක් හේතුවෙන්.
ඔහු ආබාධයකට ලක්වුනේ එංගලන්තය සමග දඹුල්ලේ පැවති වෙන එක්දින තරගයේදීයි.
කුසල් ජනිත් පෙරේරා වෙනුවෙන් අද ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් කැඳවා තිබෙනවා.
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.
තරගය ආරම්භ වීමට නියමිතව තිබුනේ පස්වරු 2.30 ටයි.
පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට හෝ මෙතෙක් අවස්ථාවක් ලැබී නැහැ.
මේ අතර අද තරගයේදී එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ලියම් ඩෝසන් ක්‍රීඩා නොකරන බවට වාර්තා වනවා.