නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දියව සමඟ පෙරේදා (12) පැවැති තරගයේදී මස් පිඩු ඇදීම හේතුවෙන් පාදයේ අබාධයකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් අනිද්දා බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තීරණාත්මක තරඟයට ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
කුසල්ගේ තත්වය පිලිබදව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා ප්‍රකාශ කලේ පසුගිය පැය 24ක කාලය තුලදී ඔහුගේ තත්වය පිලිබදව පරීක්ෂාවෙන් සිටි බවත් ඉන් පසු කුසල්ට අනිද්දා තරගයට ක්‍රීඩා කිරීමට හැකි බව තහවුරු කල බවත්ය.
කුසල් මෙන්ඩිස් අවසන් තරග දෙකේදීම සුපිරි අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට සමත් වූ නමුත් ශ්‍රී ලංකාව මේ තරග දෙකම පරාජය වුණා.
තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට නම් ශ්‍රී ලංකාව අනිද්දා බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය අනිවාර්යෙන්ම ජයගතයුතු වනවා.
මේ අතර ඉන්දියාව සහ බංගලාදේශය අතර විස්සයි විස්ස තරඟය අද රාත්‍රී ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.
අද (14) පැවැත්වෙන තරඟය ඉන්දියාව ජයගතහොත් ශ්‍රී ලංකාවට මීලඟ තරඟයේදී බංග්ලාදේශය පරාජය කරමින් අවසන් මහා තරඟයට පිවිසීමට හැකි වනවා.
නමුත් අද තරඟය බංග්ලාදේශය ජයගතහොත් ශ්‍රී ලංකාවට දරුණු ගැටලුවකට මුහුණදීමට සිදුවන අතර ඔවුන්ට අවසන් තරඟයට පිවිසීමට මීළඟ බංග්ලාදේශය සමඟ තරඟය ඉහළ ලකුණු ලබාගැනීමේ දළ වේගයක් සමගින් ජයග්‍රහණය කිරීමට සිදුවනවා.
කෙසේ වුවත් අද තරඟය පරජය වුවහොත් ඉන්දියාවටද අවසන් මහා තරඟයට පිවිසීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවනු ඇති.