අද පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ විවාදය කල් දමා පවතින ආපදා තත්ත්වය සහ ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද එම අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ එක්ව නැගී සිට එම ඉල්ලීමට සහය පළ කිරීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, කතානායකවරයා එහිදී සඳහන් කළේ අද රැස්වු පක්ෂ නායක රැස්වීමේදි ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත් කෙටුම්පත ඇතුලූ පනත් කෙටුම්පත් අද දිනය තුළම විවාද කර සම්මත කිරිමට ගත් එකඟත්වය වෙනස් කළ නොහැකි බවයි.
එහිදි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් සංවාදයක් ඇතිවූ අතර, පසුව අදාළ කෙටුම්පත් සඳහා විවාදය ආරම්භ වුණා.