Gossips

ආපදා මරණ 21 ක් – දිස්ත්‍රික්ක 4 කට තවදුරටත් නායයාමේ අවදානම්

රත්නපුර, කෑගල්ල, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
අද පස්වරු 4 සිට ඉදිරි පැය 24 සදහා එය ක්‍රියාත්මක බවයි එම සංවිධානය නිවේදනය කළේ.
මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල ජනතාව ඒ පිලිබදව අවධානයෙන් පසුවිය යුතු බව ද එහි තවදුරටත් සදහන්.
මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 21 ක් මේ වනවිට වාර්තා වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් විෂය භාර අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ පුද්ගලයන් එක්ලක්ෂ 53,712 ක් තවමත් පීඩාවට පත්ව සිටින බවයි.