Gossips

ආපදා මරණයකට ලක්ෂ 10 ක උපරිමයක් දක්වා වන්දි

ආපදා තත්වය හමුවේ කිසියම් වෘත්තියක නිරතව සිටියදී අනතුරට ලක්ව මියගිය පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක වන්දියක් හිමිවන බව වාරිමාර්ග, ජල කළමණාකරණ සහ ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා.
එමෙන්ම ගංවතුර හේතුවෙන් හානිවු නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් එක් නිවසක් සඳහා රුපියල් 10000 ක් ලබාදීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ.
අදාළ හානි පිළිබඳ තක්සේරු කිරීම් කඩිනම් කර වන්දි ලබාදීමට පියවර ගන්නා බව ද අද පැවති සාකච්ඡාවකදී පාලිත රංගේ බණ්ඩාර කියාසිටියා.
ජල ගැලීම් හේතුවෙන් අපිරිසිදු වූ ළිං පිරිසිදු කිරීම වෙනුවෙන් යුද හමුදාව ඇතුලු ආපදා සහන කණ්ඩායම් සුදානම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
මෙම සාකච්ඡාවට එක්වෙමින් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ප්‍රකාශ කළේ කඳවුරුවල රඳවා සිටින සෑම අයෙක්ම විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමට පියවර ගෙන ඇති බවයි.
දැනුවත්ව හෝ නොදැනුවත්ව ගංවතුරට බැස ඇත්නම් එම සෑම අයෙක්ම වෛද්‍ය පරීක්ෂාවකට යොමුවීම වැදගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.