Gossips

ආපදා තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළට

අයහපත් කාලගුණයෙන් ඇති වූ ආපදා නිසා මියගිය සංඛ්‍යාව මේ වනවිට 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මෙම මරණ වලින් වැඩි ප්‍රමාණයක් දියපහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ සිද්ධින් බවයි.
දිස්ත්‍රික්ක 19 කට තවදුරටත් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින්ගේ සංඛ්‍යාවද එක්ලක්ෂ 25,954 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, වර්ෂාවත් සමඟ ඇතිවු විවිධ අනතුරු හේතුවෙන් එක් පුද්ගලයෙකු අතුරුදන්වී ඇති අතර, ඔහු ගම්පහ ප්‍රදේශයේ ආපනශාලාවක බීමතින් සිටියදී ඊයේ මෙලෙස දියපහරට වැටී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.