Gossips

ආපදා ගැන ඒකාබද්ධය විවාදයක් ඉල්ලයි – ජ.වි.පෙ. විස්ස කල් දමයි

අද (22) දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත විවාදයන් අවලංගු කර පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් සිදුකරන්නැයි ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියා.
මේ අතර, පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 20 වන ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (22) පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතව තිබුණත් එය සිදුනොකරන බවයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ.