අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයෑම්වලට ලක්ව ඇති ප්‍රදේශවල පිහිටි පාසල් පැවැත්වීමේ බලය පළාත් සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත පවරා තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ අදාළ පාසලේ විදුහල්පතිවරුන්ට ආපදා තත්ත්වය හේතුවෙන් තම පාසල පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්නම් ඒ පිළිබඳ පළාත් හෝ කලාප අධ්යක්ෂවරුන් දැනුම්වත් කර තීරණයකට එළඹිය හැකි බවයි.
දරුවන්ගේ ආරක්ෂාව සළකා මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා කියා සිටියා.