Gossips

ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.
සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින නිළ සංචාරයකට ගොස් සිටින ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායකට දුරකථන ඇමතුමකින් උපදෙස් ලබාදී ඇත්තේ සහන සැලසීමේදී මූල්‍ය ප්‍රතිපාදන ගැටළුවක් කර නොගන්නා ලෙසයි.
වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජලය සහ සෞඛ්‍ය පහසුකම් විපතට පත් ජනතාවට අඛණ්ඩව ලබාදෙන ලෙසට ද එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම ජල ගැල්මෙන් විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආරක්ෂක මාධ්‍ය ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන වෙත ද උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.