Gossips

ආන්දෝලනාත්මක ජනාධිපති සහ හිටපු ජනාධිපති හමුව ගැන එස්.බී. දිසානායකගෙන් නිවේදනයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර කිසිදු සාකච්ඡාවක් තම නිවසේ නොපැවැත්වුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අවධාරණය කරනවා.
ඔහු මේ බව සදහන් කළේ එවැනි සාකච්ඡාවක් පැවති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
එස්.බී. දිසානායක මහතා සදහන් කරන්නේ තම නිවසේදී ජනාධිපති හා හිටපු ජනාධිපතිවරයා අතර කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වූ බව අවධාරණය කරන බවයි.
එහෙත් සිය නිවසේදී පැවැත්වූ විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයකට හිටපු ජනාධිපතිවරයා එක්වූ බවත් එහිදී කිසිදු විශේෂ දේශපාලන සාකච්ඡාවක් නොවූ බවත් එස්.බී. දිසානායක මහතා නිකුත් කළ නිවේදනයේ සදහන්.
එහිදී අනෙකුත් මන්ත්‍රිවරුන් සමග සුපුරුදු ලෙස රටේ අනාරක්ෂිත බව පිළිබද සාමාන්‍ය කතාබහක් ඇති වූ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.
මේ අතර, භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් මෙලෙස අදහස් පළ කළා.