Gossips

ආන්දෝලනාත්මක ක්‍රිකට් වීඩියෝව ගැන දිවයිනට පැමිණි සුරංග කතා කරයි

දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් අද (25) පෙරවරුවේ දිවයිනට පැමිණියා.
දිවයිනට පැමිණි ක්‍රීඩකයන් කටුනායක ගුවන් තොටුපළේදී උණුසුම් පිළිගැනීමකට ලක් වූ බවයි ගුවන්තොටුපොළ හිරු වාර්තාකරු පවසා සිටියේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 08 දෙනෙකු පමණක් අද මෙරටට පැමිණි අතර සෙසු ක්‍රීඩකයින් එක්දින සහ 20-20 තරඟාවලිය වෙනුවෙන් තවමත් දකුණු අප්‍රිකාවේ රැඳී සිටිනවා.
දෙරට අතර එක්දින තරඟාවලිය ලබන 28 වනදා ආරම්භ වනවා.
මෙරටට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ටෙස්ට් කණ්ඩයමේ නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේ කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කිරීම තුලින් ජයග්‍රහණය කිරීමට හැකිවීම පිළිබඳව සතුටුවන බවයි.
මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පසුගියදා ක්‍රිකට් කණ්ඩායමේ ආන්දෝලනාත්මක වීඩියෝව පිළිබඳව මෙහිදී අදහස් දක්වා සිටියා.