Gossips

ආනයන අපනයන පාලක යළි රිමාන්ඩ්

රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ආනයන – අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක මහගමගේ ගාමිණී ලබන මස 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
ජපානයේ සිට ආනයනය කළ පැරණි වාහන දෙකක් නීත්‍යානුකූල ආකාරයෙන් නිදහස් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා අල්ලස් ලබාගත් බවට මොහුට විරුද්ධව චෝදනා එල්ල වනවා.