Gossips

ආනයන, අපනයන පරතරය ඉහළට

පසුගිය ඔක්තෝම්බර් මාසයේ මෙරට ආනයන අපනයන වෙළඳ පරතරය ඇමරිකානු ඩොලර් මිලියන 903 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේදී එය පැවතුණේ ඩොලර් මිලියන 752 ක් ලෙසයි.
අපනයන වර්ධනය අවම වීම සහ ආනයන වියදම් ඉහළ යාම මෙලෙස ඔක්තෝම්බර් මාසයේ වෙළඳ පරතරය පුළුල් වීමට හේතුවක්.
ඔක්තෝම්බර් මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය වර්ධනය වූයේ සියයට 0.4 කින්.
විශේෂයෙන් ඇඟළුම් සහ තේ අපනයනයන් පහත වැටීම එම තත්ත්වයට හේතුවක්.
එමෙන්ම වෙළඳ භාණ්ඩ ආනයනය සඳහා වැය කළ මුදල ඔක්තෝම්බරයේ සියයට 9 කින් ඉහළ ගොස් තිබෙනවා.