Gossips

ආනයනික ලොකු ළුෑණු සහ අර්තාපල් සඳහා රුපියල් 40 ක නව බද්දක්

ආනයනික ලොකු ළුෑණු සහ අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40 ක නව බද්දක් පැනවීමට රජය කටයුතු කර තිබෙනවා.
හෙට සිට දින 31ක් දක්වා මෙය වලංගු වන අතර, ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අත්සන් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
දේශීය ගොවියා සුරැකීම අරමුණු කරගනිමින් මෙම නව බදු පැනවීම සිදුකර තිබෙනවා.