Gossips

ආනයනික ලොකුළුෑණු සහ අර්තාපල් බද්ද ඉහළට

ආනයනික ලොකු ළුෑණු සහ අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද සිට ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව, ආනයනික ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් රුපියලක්ව පැවති බද්ද රුපියල් 40 ක් දක්වා ඉහළ නංවා ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
එසේම, ආනයනික අර්තාපල් සඳහා මෙතෙක් රුපියල් 30 ක් ලෙස පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 40 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.
දේශීය ලොකුළුෑණු සහ අර්තාපල් මිල ගණන් පහළ බැසීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.