ආනයනික පරිප්පු මත පනවා ඇති බදු අද සිට මාස 6 ක් සඳහා ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව මෙතෙක් රුපියලක්ව පැවති පියලි නොකළ පරිප්පු සඳහා වන බද්ද රුපියල් 7 දක්වා ඉහළ දමා ඇති අතර, පියලි කළ පරිප්පු සඳහා රුපියල් 3 ක්ව පැවති බද්ද රුපියල් 12 දක්වා ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.
