ආනයනික කිරිපිටි සදහා මිල සූත්‍රයක් හදුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ජාත්‍යන්තර වෙළදපොලෙහි මිල සහ විනිමය අනුපාතයන්හි විචල්‍යයන් සැලකිල්ලට ගෙන මෙම මිල සූත්‍රය ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව යෝජනා කර ඇති බව සදහන්.
මිල සූත්‍රය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ක්‍රියාත්මක කරවීම සදහා අමාත්‍ය පී.හැරිසන් ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.
මේ අතර, රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය මෙන්ම, විකිණීම ද තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.rnrn
