Gossips

ආනමඩුව – තෝනිගලදී පොලීසියට පහරදුන් 06ක් අත්අඩංගුවට

ආනමඩුව තෝනිගල ප්‍රදේශයේදී පොලීසියට පහරදුන් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔවුන් අද (03) ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
ආනමඩුව – තෝනිගල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන ස්ථානයක් වැටලීමට පොලීසියේ නිලධාරින් පිරිසකට ඊයේ (02) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වුණා.
ප්‍රහාරයෙන් පුත්තලම කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරින් 03 දෙනෙකු තුවාල ලැබුවා.
තුවාල ලැබූ ඔවුන් ආනමඩුව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇති බව සඳහන්.