Gossips

ආනමඩුවේ හෝටලයට පහරදුන් දේශපාලනඥයාගේ ආධාරකරුවන් රිමාන්ඩ්

පුත්තලම – ආනමඩුව – ආඩිගම නගරය ආසන්නයේ පිහිටි හෝටලයකට, පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔවුන් ආනමඩුව මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ ආධාරකරුවන් 4 දෙනෙකු පෙරේදා රාත්‍රියේ හෝටලයට පහර දී තිබුණා.
පසුව සිද්ධියට අදාළව පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් අනතුරුවයි ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.
සිද්ධියට අදාළව තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.