Gossips

ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය ඇරඹේ

දිවයිනේ ප්‍රමුඛ බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර 89 වන වරටත් පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමය වාර්ෂික ක්‍රිකට් තරගය අද (03) උදෑසන කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.
මෙවර ආනන්ද – නාලන්ද මහා ක්‍රිකට් තරගය සදහා මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ හිරු ටී.වී, ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයයි.
කාසියේ වාසිය දිනූ නාලන්ද පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස ආනන්ද පිලට ඇරයුම් කළ අතර, ඔවුන් දිවා භෝජනය සදහා තරගය නතර කරන විට කඩුලු 06 ක් දැවී ලබා සිටියේ ලකුණු 67 ක් පමණයි.