ආධුනිකත්ව පුහුණුව ගැන තොරතුරු දැන ගැනීමට නව දුරකථන අංකයක් විද්‍යා, තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙනවා.
1951 මෙම ක්ෂණික දුරකථන ඇමතුම් අංකය ඔස්සේ කාර්යාල වේලාවන් තුළ දී ආධුනිකත්ව පුහුණු පාඨමාලා, වෘත්තීය මාර්ග උපදේශන සේවා සහ පෙර ඇගයුම් ක්‍රම යටතේ සහතික පත්‍ර ලබා ගැනීම පිළිබද තොරතුරු ලබා ගැනීමට හැකි වන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.
