රටේ සංවර්ධන කාර්යයන් සිදුවන අවස්ථාවේ අධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම භික්ෂූන් වහන්සේලාගේ කාර්ය භාරයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පන්නල – බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය රජමහා විහාරයක් ලෙස නම් කිරීම පිළිබඳ සන්නස් පත්‍රය ප්‍රධානය කිරීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමින්.
