Gossips

ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසු ජනාධිපතිවරණය අහෝසි කරනවා – වාසුදේව

ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් විරුද්ධ වුවද ඉදිරියේදී ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසු ජනාධිපතිවරණය අහෝසි කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසනවා.
සමාජවාදී ජනතා පෙරමුණ කොළඹදී අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.