නැවත බලය ලබා ගත් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, රාජ්‍ය ප්‍රතිපත්තිය අධිකරණය හරහා අභියෝගයට ලක් කළ නොහැකි යැයි දැක්වෙන රෙගුලාසිය ඉවත් කිරීම පළමුව කළ යුතු කාර්යය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙමින්.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජන බලය ලබන 13 වන දා පෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කඩුවෙල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
