අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් සහ අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන අතර, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද මේ වනවිට පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටින හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළේ.
