Gossips

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ සියලූම මන්ත්‍රීවරුන් සහභාගි වන විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා.
වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරෙන බවයි සාකච්ඡාවට සහභාගිවීමට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සඳහන් කළේ.
මෙම සාකච්ඡාවට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ විජේරාමේ පිහිටි නිවසේදීද පක්ෂ නායකයින්ගේ හමුවක්ද පැවැත්වුණා.
ඊට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර ඇතුලූ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.
මේ අතර කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ද අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.
මෙහිදී වාර අවසාන කිරීමෙන් අනතුරුව එළැඹෙන 14 වැනිදා රැස්වන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.