පක්ෂ නායක රැස්වීමට සහ අද (14) පෙරවරු 10ට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට සහභාගිවීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආණ්ඩුව නියෝජනය කරමින් මෙම පක්ෂ නායක රැස්වීමට එක්ව සිටින බව ද ඔහු සඳහන් කළා.
