කථානායකවරයා පාර්ලිමේන්තුව තුළ තම කණ්ඩායම ආණ්ඩු පක්ෂය ලෙස පිළිගන්නා තුරු පාර්ලිමේන්තු සැසිවාර වර්ජනය කිරීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමේ කාර්යය සිදු කරන්නේ දෙමළ ජාතික සන්ධානය බවයි.
එය ඊයේ පාර්ලිමේන්තුවේදී සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ හැසිරීමෙන් පෙන්නුම් කරන බවයි ඔහු කියා සිටියේ.