Politics Sri Lanka

ආණ්ඩුව හොර රහසේම එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරයි

ආණ්ඩුව හොර රහසේම එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරයි

ජනතා විරෝධය මැද අත්සන් කිරීම අඩාල වූ එට්කා ගිවිසුම යළි සක්‍රීය වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

එට්කා ගිවිසුම හරහා මෙරට බොහෝ සේවාවන් ඉන්දියාවට පැවරීමට රජය මේ වනවිට කටයුතු කරමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

එට්කා ගිවිසුම අත්සන් කිරීමට පෙර ලංකාවේ රෝහල්වලට රෙදි සේදීම ඉන්දියාවට පවරා දීමට මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත. මීට අමතරව සංචාරක වීසා මත පැමිණෙන ඉන්දියාවේ වෛද්‍යවරු යැයි පැවසෙන කණ්ඩායම් මෙරට රෝගීන්ට සායන පවත්වමින් පවතින බවත් වාර්තා වේ.

එට්කා ගිවිසුම අත්සන් කිරීමට පෙර මේ වනවිට ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.