වත්මන් ආණ්ඩුව යළි නිවැරදි කළ නොහැකි ලෙස, රට අර්බුදයකට ගෙන ගොස් ඇති බව හිටපු අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඊයේ ඔහු හමුවූ අවස්ථාවේදීයි.
එහිදී නිදහස් පක්ෂයෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් ගනු ලැබුවේ නිවැරදි තීරණයක් බව හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.
