Politics Sri Lanka

ආණ්ඩුව මේ කළේ ‘යන්නේ කොහෙද මල්ලේ පොල්’ වැඩක්

ආණ්ඩුව මේ කළේ ‘යන්නේ කොහෙද මල්ලේ පොල්’ වැඩක්

ජනතාව දුන් පණිවඩය මේ ආණ්ඩුව තවම තේරුම් ගත්තේ නැහැ කියල මට නම් තේරෙන්නේ. පළාත් පාලන මැතිවරණයකින් ප්‍රකාශ වන දේ මත මැතිවරණයක වගේ කැබිනට් සංශෝධනයක් කිරීම නෙවෙයි. කිසිම තැනක අපේ ජනතාව කැබිනට් සංශෝධනයක් වෙනුවෙන් ඡන්දය දීලා නැහැ. ඡන්දයෙන් ජනතාව ආණ්ඩුව පිළිබඳව තියෙන යම් ආකාරයක කලකිරීමක් ප්‍රකාශ කළා. ඒ වගේම ඔවුන් රැල්ලකට මහින්ද රාජපක්ෂ කියන පුද්ගල චරිතය වටා ගොනු වුණා.

ඒක පදනම් කරගෙන අගමැතිවරයා වෙනස් කිරීම හෝ කැබිනට් සංශෝධනය කිරීම කියන්නේ, ‘යන්නේ කොහොද මල්ලෙ පොල්’ තීරණයක් බව තමා මට හැඟෙන්නේ.

ඔළුගෙඩි මාරු කළා කියලා මේ ප්‍රශ්නයට විසඳුමක් වෙන්නේ නැහැ.

රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තියනවා එහෙම පසුබිමක අමාත්‍යාංශයක් මාරු කරනවා කියන්නේ අතිරේක රුපියල් කෝටි ගණනක වියදමක්. නාම පුවරු, ලියවිලි හදන්න, අලුතින් වාහන ගන්න ආදී හැම දෙයක් එක්කම, අතිරේකව විශාල වියදමක් දරන්න වෙනවා. ඒ එක්කම අවුරුදු 3ක් කරගෙන ගිය අමාත්‍යාංශයක් නැවත සැරයක් වෙනස් කළහම කරගෙන ගිය වැඩ කටයුතු වෙනස් වෙන්න පුළුවන්. ඉතුරු අවුරුදු 2ක තුළ වැඩක් කරන්න තරම් අලුත් කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ වෙලාවේ කැබිනට් සංශෝධනයක් කිරීම කළ යුතුව තිබූ රාජකාරියක් විදිහට මම නම් හිතන්නේ නැහැ.