Gossips

ආණ්ඩුව මූල්‍ය අරමුදල සමඟ ගැටුමක – ඒකාබද්ධය හෙළි කරයි

ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මේ වනවිට ගැටුමක් උද්ගතවී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මීළඟ ණය වාරිකය නිදහස් කිරිමට නම් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුවට දැනුම්දී තිබූ බවයි.
එය ඉටුකිරීමට ආණ්ඩුව අපොහොසත් වීම හේතුවෙන් මෙම ගැටුම නිර්මාණය වී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.