පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට බිය වී ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දැමීම තවදුරටත් සිදුකරමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව කියා සිටියේ බත්තරමුල්ල – පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
