Gossips

ආණ්ඩුව මාධ්‍ය මර්දනයට සූදානමින් – හිටපු ජනපති

වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට සූදානම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව කාල්ටන් නිවසේ අද (16) පැවති උත්සවයකදී අදහස් දක්වමින්.
තමන් අග්‍රාමාත්‍ය ධුරය ලබා ගැනීමෙන් පසු රටේ ජනතාවට සහන ලබාදීමට කටයුතු කළ බවත්, තවදුරටත් එහි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද බලාපොරොත්තු වූ බව ද හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ජනතාව වෙනුවෙන් ඉදිරියටත් කටයුතු කරන බව ද ඔහු එහිදී ප්‍රකාශ කළා.
මේ අතර, ආර්ථික හා ජාතික පීඩනයකට යටත්ව තිබූ වකවානුවක රට ඉන් මුදවා ගැනීම සඳහා අගමැතිවරයා ලෙස තමන් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය කෘතවේදීත්වය පළකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය මාස එකහමාරක කාලය තුළ අගමැතිවරයා ලෙස රට සුරක්ෂිත කිරීමට ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුලු සියලු පිරිස් ලබා දුන් සහායට ද ස්තුතිය පලකරන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.