Gossips

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයේ දොරටු වසා ඇති බව ඒකාබද්ධය කියයි

රටේ පවතින ගැටළුවලට පිළිතුරු නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයේ් දොරටු වසා දමමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මාවිත්තර ප්‍රදේශයේ අද (25) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.
ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ අද සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබදව අදහස් පළ කරමින් කියා සිටියේ මෙම ආණ්ඩුව පිළුණු ආහාරයක් බවයි.
වෙස්මිනිස්ටර් ක්‍රමය ගැන කතා කරන අග්‍රාමාත්‍යවරයා ජනමතයට ගරු කරමින් ඉවත් විය යුතු බවයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.